sticky_note_PNG18952.jpg

Saturday, February 3, 2018

දැනුමට අමතරව මුදලක් උපයන්න ආසද අන්තර්ජාලයෙන්




සෑහෙන්න දවසකින් ආයේ අපි හමුඋනා නේද? ඔව් ඇත්ත තමයි. ඒ එක්කම අද මම මොකක්ද කියන්න යන්නේ. ටිකක් වෙනස් කථාවක් නේද? ඔව් වෙනස් තමයි. 

අපි මෙච්චර කල් සහ ඉදිරියටත් කථා කරන්නේ පරිගණක දැනුම සම්බන්ධවනේ. මට නිකමට හිතුනා ඔයාලට පරිගණකය හරහා අදායමක් උපයා ගන්නේ කොහොමද කියලා කියා දුන්නොත් හොඳයි කියලා. හැබැයි මම මෙතැනදී හැම ජාතියක් ගැනම කියන්න යන්නේ නෑ. මම කථා කරන්නේ මම අත්දැකීම් ලත් සහ සාර්ථකයැයි මට හැඟෙන විශ්වාසනීය ක්‍රම කිහිපයක් ගැන පමණයි. මේ මාසේ ඉවරයක් වෙනකම් ටිකක් විතර කාර්ය බහුලයිත ඒත් මන් ආරාධනා කරනවා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. මොකද මම ඔයාලව අනිවා ගොඩ දාන්න පොරොන්දු වෙනවා යාළුවනේ.. ඒක සත්තයි. පියවරෙන් පියවර අපි ඉගෙන ගම්මු.ඒ ලිපි පෙල පටන් ගන්න කන් මම ඔයාලට පොදු අභ්‍යාසයක් දෙන්නම්.

මොකාටද මේ එන්න හදන්නේ. මෙන්න මේකයි ඒ. ඔයාට පුළුවනිද අඳුරගන්න ඔයා වැඩියම දක්ෂ / නිපුණතාවයක් දක්වන්නේ මොකටද කියලා

උදා මේ වගේ - ඔයා ග්‍රැෆික් පැත්තට බරයි කියලා හිතමු. එතකොට ඔයා ඒ සයිඩ් එකේ මොන වගේ විෂයන්ටද ආස. මේ වගේ මම පහලින් දාලා තියෙන එවා උදාහරණ . Logo design, Flyers, Posters, Business cards, Sign boards

දල අදහසක් හදා ගන්න පුළුවන්ද මම ඊළඟ ලිපිය ලියනකන්. මම කියන්නම් කොහොමද ඒ හැකියාවට වටිාකමක් දෙන්නේ කියලා.

Tuesday, September 12, 2017

මරුවා සමග වාසේ - Blue Whales



මාසෙකින් මේ පැත්තේ එන්න බැරිඋනා රාජකාරි අධික වීම හේතුවෙන්. එකෙන්ම සමාවෙන්න ඕනේ ඒකට. අර කාලයක් තියෙනවනේ ජීවිතේ කිසිම අළුත් දෙයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැති, අළුත් අදහස් පහල වෙන්නේ නැති. ඔං මාත් දැන් ඒ වගේ කාලයක් පහුකරමින් සිටි with 49 others (හිකැස්. ඕව්වා මුණු පොතේ නම් දාන්නේ නෑ), අළුත් දේවල් පටන් ගන්නේ නෑ කිව්වට බ්ලොග් එක පරණයිනේ. ඒක නිසා කම්මැලිකමින් හරි හිතුවා කාලයේ තාලයට ගැලපෙන පොස්ට් එකක් දාන්න කියලා. තව මගේ යෝජනාවකුත් තියේ ඉස්සරහට කියන්නම් එක.

අද මොකක්ද දාන පොස්ට් එක. කල්පනා කලාම ඔළුවට ආවේ ගේම් එකක් ගැන. මේක ටිකක් ඉන්ටරස්ටින් නිසා හොයලා හොයලා ගත්තා විස්තර ටිකක්. මේක තමයි Blue Whales (නිල් තල්මසා) කියන ගේම් එක. මේක නිකම්ම නිකම් ගේම් එකක්ද? නෑ මේක මරණීය ගේම් එකක් (ලූ). මොකද මේක නිසා පිස්සු හැදිලා (මානසික ව්‍යාකූලතත්වයට පත්වෙලා -Depression) ජිවිතය දාලා ගිය පට්ට සෙට් එකක් ඉන්න නිසා.ගේම් එක සරල උණාට රිසාල්ට් එක සංකිර්ණයි.

දිගටම ඉන්න.. 

Sunday, July 23, 2017

Botnet (බොට් නෙට්)



මොකක්ද අප්පා මේ අළුත් වචනේ. ඒ ගැන කියන්න කලින් අපි හිතමු මෙහෙම දෙයක්."ලෝකේ පුරා පාවිච්චි කරන සෑම පරිගණක 3කින් එකක් මේ පරිගණකයට කිසිත්ම සම්බන්ධකමක් නැති බාහිරම පුද්ගලයෙකු විසින් පාවිච්චි කරනු ලැබේ " කියලා කවුරුහරි කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද??

ඒත් ඒක අවාසනාවට ඇත්ත කථාවක්. ඒක තමයි ඇත්ත.අන්න එතැන්දී තමයි අපි මාතෘකාවට එන්ටර් වෙන්නේ.ඒ විදියට කෙනෙක් කෝටි ගාණක් සම්බන්ධ පරිගණක ජාලයක් මෙහෙයවන්නේ බොට්නෙට් එකක් හරහා. අද මම ඔයාලත් එක්ක බෙදාහදා ගන්න උත්සහ කරන්නේ අන්න ඒදේ තමයි.

අපි සරලව බලමු මොකක්ද මේ බොට්නෙට් (Botnet) එකක් කියන්නේ කියලා. Bot කියලා හඳුන්වන්නේ රොබෝ කියන එකනේ. ඒක අපි හැමෝම දන්නවා. මෙැනදී කතා කරන්නේ මැෂින් ගැනනෙමේ. කෙනෙක් විසින් හසුරුවනු ලබන කියන තේරුම ගන්න. ඒ වගේම කෙනෙක් විසින් හසුරුවනු ලබන  රොබෝ ජාලය තමයි මේ කියන බොට් නෙට් එක කියලා කියන්නේ. බොට් නෙට් එකේ ක්‍රියා කලාපය හසුරුවන්නාගේ අරමුණු අනුව යහපත් හෝ අයහපත් ස්වරූපයක් ගන්නවා.

මම කියන්නම් යහපත් ආකාරයට ක්‍රියාකරන රොබෝ වැඩසටහනක්. අපි වෙබ් පිටුවක් ඉල්ලද්දී, එහෙමත් නැතිනම් සර්ච් කරද්දී සර්ච් එන්ජිම දඩ බඩ ගාලා අපිට අදාළ වෙබ් පිටු ටික වැඩර් වගේ හොයලා දෙන්නේ මේ වගේ ස්පයිඩර් (Spider) කියන රොබෝ වැඩසටහනකට පින් සිද්ධ වෙන්න. බලන්න ඒ ගැන වැඩි විස්තර මෙතැනින්

එතකොට කොහොමද කවුරුහරි බුලට් එකක් මේ විදියෙ බොට්නෙට් එකක් නිර්මාණය කරන්නේ. මේ වගේ ලෝකයේ විවිධ ඇත්තෝ පාවිච්චි කරන පරිගණක තමන්ගේ අණසකට ගන්න පුළුවන් විදියේ ඇප්ලිකේෂන් ලියන පට්ට වැඩ්ඩෝ ඉන්නවා සහ ඒවා සල්ලි වලට ගන්න තියෙනවා. දෙන්නද ලින්ක් එකක්?? ආස ඇති නේද! . හරි. ඒ විදියේ බොට්නෙට් එකක් බිල්ඩ් අප් කරන්න ඕනේ කෙනා අර වැඩසටහනක් සල්ලි වලට අරන් හරි ලියලා හරි තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්නවා. සරලයි. අන්තර්ජාලය හරහා වෙනත් මෘදුකාංගයක් එක්ක බැදිලා ඇවිත් අපේ පරිගණකයේ ස්ථාපනය වෙලා දෙයියනේ කියලා දැකලත් නැති අහලත් නැති හිට්ලර් කෙනෙක්ගේ වහලෙක් බවට අපිව පත්කරගෙන අපිට කෙලවලා යනකම්ම අපි දෙයියන්ගේ පිහිටෙන් කිසිම දෙයක් දන්නේ නැත. ඒ වගේම කියන්න සන්තෝෂයි කොච්චර වයිරස්ගාඩ් යාවත් කාලීන කළත් මේවා ලේසියෙන් අහුවෙන්නේ නම් නැත. මේක malicious කැටගරියට අයත් උනත් අනික් මෝඩ වයිරස් වගේ සද්දේ දාගෙන ඇවිත් ඩිලීට් වෙන්නේ නැතිව සද්දයක් නැතිව අයිතිකාරයා කියන දේ කරන වැඩසටහනක් තමයි මේක.

දැන් පහදන්නම් පරිගණක ඇසින්.මේ කියන බොට්නෙට් වැඩසටහන දුවන්නේ, ඒහෙමත් නැතිනම් ක්‍රියාත්මක වන්නේ IRC Bot වැඩසටහනක් හරහා. මොකක්ද IRC Bot එකක් කියන්නේ. Internet Relay Chat කියලා තමයී මේකේ දීර්ඝ යෙදීම.මේක මේ බ්ලොග් එකේ මුල්ම කාලේ කථා කරපු protocol එකක් එක්තරා විදියක. මේකට කෙනෙක්ට සම්බන්ධ වෙලා නිදහසේ තමන්ට අවශ්‍ය කමාන්ඩ් ටික රන් කරගන්න පුළුවන් නිදහසේ. මම මුලින්ම දාලා තියෙන පින්තූරේ දිහා බලන්න ආයේම. ඒකේ ඔයාලට පේනවා නේද පුද්ගලයෙක් ඉස්සරහා තනි පරිගණකයක් තියෙනවා. අන්න ඒක තමයි මේ කථාවේ ප්‍රධාන පරිගණකය (main computer ) එක. ඒක හරහා රන් වෙන බොට් වැඩසටහන අනික් පරිගණක වල ස්ථාපිත වෙන්න පටන් ගත්තම රන් කරන පුද්ගලයා ඒ පරිගණක සියතය ගන්නවා. මේ පරිගණක (වහල් එව්වා) ඊට පස්සේ හඳුන්වන්නේ සොම්බි පරිගණක කියලා. අපේ භාෂාවෙන්නම් පිල්ලි කියලා කිව්වත් කමක් නෑ මයේහිතේ. 

එතකොට බොට් නෙට් එකකට කරන්න පුළුවන් මොනවැයි.

හිතන්න මොනාහරි දෙයක් ප්‍රසිද්ධ කරගන්න ඕනේ කියලා. මෙන්න ඒකට බොට්නෙට් එක කදිම විසඳුමක්. කෝටියක් විතර පරිගණක තියෙන බොට්නෙට් එකකට ඇඩ් එකක් ඊමේල් හරහා එව්වොත් නිකම්ම ප්‍රසිද්ධයි නේද

තව හිතන්න වෙබ් එකක ට්‍රැෆික් එක වැඩි කරන්න ඕකේ කියලා. දුන්නා බොට්නෙට් එකකට ඕඩර් එකක්. සයිට් රැන්ක් එක පට්ටම හිට් නේද

තව හිතන්න සයිට් එකක් ඩවුන් කරන්න ඕනේ කියලා. දෙනවා ඒවර්ලොඩ් වෙන්න ට්‍රැෆික් එකක් සයිට් එකට. අයේ අයිතිකාරයටවත් ලොග් වෙන්න බැ. බඩු ඩවුන්.

තවත් හිතන්න වයිරස් එකක් spread කරනවා කියලා ලෝකෙටම. දෙනවා මේන් computer එක හරහා කමාන්ට් එක සියළුම සොම්බි පරිගණක වලට. එක ක්ෂණිකයෙන් මුළු පරිණක කෝටියම සොරි.com නේද

තව මේ වගේ අනන්ත අපරිමාණ වැඩ සමූහයක් බොට්නෙට් හිමිකාරයෙක්ට කරන්න පුළුවන්.

ලිපිය දිග වැඩි උණා.අදට ඇති කියලා හිතෙනවා.ගිහින් එන්නම්...

Monday, July 10, 2017

ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology)



ඔන්න එහෙනම් අද අළුත් ලිපියකින් අපි ආයේම හමු උනා. ටිකක් විතර අමුතු කථාවකුත් එක්ක තමයි අද ඔයාලා ලඟට ආවේ. මේක ටිකක් විතර ඔයාලට නුපුරුදු අළුත් (අළුත් කිව්වට මහා ලොකු අළුත්ම නෑ) තාක්ෂණයක් පිළිබද සංසිද්ධියක් තමයි කියන්න තටමන්නේ.

මොකක්ද මේ ට්‍රාන්ස්ෆර්ජෙට් (Transferjet) කියන්නේ. ඇත්තටම පැහැදිලි සිංහලෙන් කිව්වොත් මේක දත්ත එහෙමත් නැත්නම් Data හුවමාරු කරන්න හොයාගෙන තියෙන අළුත්ම සන්නිවේදන ක්‍රමයක්. මේක මේ හැටි වැදගත් වෙන්න හේතුව තමයි මේකේ තියෙන වේගය. ඒ කියන්නේ තප්පරයක ප්‍රමාණයකදී හුවමාරු කරන්න පුළුවන් දත්ත සංඛ්‍යාව. ඇත්තටම කිව්වොත් කෑ ගැස්සෙයි. මේකේ උපරිමය තත්පරයට ගිගාබිට් 10 දක්වා සම්මත තත්වයන් යටතේ යවන්න පවවන් කියලා තමයි පර්යේෂකයන් කියන්නේ. හිතාගන්න පුළුවන්ද. ඒ තරම් ස්පීඩ් එකෙන් යවන්න නම් මගේ මැෂින් එකේ data ත් නෑ. මේ තාක්ෂණය භාවිතා වෙන්නේ තාම කෙටි පරාසයක් තුළ කියලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ NFC, Bluetooth , Infrared වගේම ඊට වඩා සිය ගුණයකින් වේගත් තාක්ෂණයක් තමයි මේක. මම නිකමට ඔයාලට පෙන්වන්නම් NFC එක්ක සංසන්දනය කරලා විකිපීඩියාවේ දාලා තියෙන ටේබල් එක.
බලන්න මේක

මේ ටේබල් එක දිහා බැලුවම මම හිතන්නේ ඔයාලට තේරුම් ගන්න ඒ හැටි අමාරු වෙන්නේ නෑ මේක හිට් වෙන්න හේතුව.අපි Infrared තියෙන කාලේ ඩිවයිස් ලං කරලා කිලෝ බයිට් ගණන් ෆයිල් හුවමාරු කලා වගේ පස්සේ Bluetooth වලින් එදේම කරලා ඊටත් පස්සේ NFC වලින් වැඩ කරනවා වගේ අපිට සරලව ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) එක හරහා අදික වේගයෙන් යුක්තව දත්ත හුවමාරු කරගැනීමේ අවකාශය මේ වෙද්දී ලැබිලා තියෙනවා.ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) පහසුකම තියෙන ඩිවයිස් 02ක් ලංකිරීම තුළින් දත්ත හුවමාරු කරගන්න පුළුවන් කම මේ තාක්ෂණය සතුව පවතිනවා. මෙහි දුර පරාසය සෙන්ටිමීටර් 3-5 අතර බවයි පැවසෙන්නේ.

මම ඔයාලට මේක පිළිබඳ රූප සටහන් මඟින් පැහැදිලි කරන්නම්
මේ විදියට විවිධ වූ ඩිවයිස් වලින් දත්ත හුවමාරු කරන්න පුළුවන් මේ හරහා


මේ තියෙන්නේ ටොෂිබා සමාගම විසින් නිර්මාණය කරන ලද ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) සහිත බාහිරින් සම්බන්ධ කළ හැකි Gadget එකක්



දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) අයිතමය

දැක්කා නේද ගැජට් එක. කාඩ් රීඩර් එකක් වගේ නේද. හැබැයි පට්ට ස්පීඩ්.මේකෙදී භාවිතා වෙන්නේ වයිඩ් බෑන්ඩ් එකක්. ඒ කියන්නේ සමාන්‍ය රේඩියෝ තරංග තමයි මෙයා බාවිතා කරනු ලබන්නේ. මෙහි සංඛ්‍යාතය 4.48Ghz වගේ තමයි.ඒක නිසාම අනෙකුත් සන්නිවේදන මාර්ග වලට (තරංග භාවිතා කරන) මෙයාගෙන් කිසිම බාධාවක් (Interference ) නම් ලොවෙත් වෙන්න විදියක් නම් නැත.

අතීත කථාව -

මම දැන් කියන්න හදන්නේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) එකේ අතීත කථාව ටිකක්. මේක මුළින්ම එලි දක්වලා තියෙන්නේ සෝනි සමාගම (Sony Company) විසින් 2008 අගෝස්තු මස 21 වැනි දින ජපානයේ ටෝකියෝ නුවර පිහිටි එයාලගේ විද්‍යාගාරයේදී ඩිජිටල් කැමරාවකින් පින්තූර වගයක් පරිගණකයක් හුවමාරු කරමින්.ඊට පස්සේ සියළුම සමාගම් විසින් මේම ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) යේ වැඩි දියුණු කිරීම් කටයුතු සඳහා නන් අයුරින් දායක වෙලා තියෙනවා. තව දෙයක් තමයි IEEE  (The Institute of Electrical and Electronics Engineers) ආයතනය මඟින් ජාත්‍යන්තර වශයෙන් මෙම තාක්ෂණයට අදාලව ප්‍රමීතීන් සකස් කලත්, 2011 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් නියාමන කටයුතු සිදු කිරීම සඳහාම ට්‍රාන්ස්ෆර්ජෙට් කොන්සෝටියම් නමින් ආයතනයක් පිහිටුවා අඛණ්ඩව දියුණුකිරීම් සිදුකරනු ලබනවා.

අදට එහෙනම් ගිහින් එන්නම්. සියළු දෙනාටම බුදු සරණයි..!

Thursday, June 29, 2017

Ransomware (රැන්සම්වෙයා)

අද මේ ගෙඩි පිටින් උස්සලා දාන්නේ දඩි බිඩියේ ටයිප් කරපු එකක් නම් නෙමේ. සුද්දා හැක් කොරන්න පටන් ගත්ත කාලේ ගහපු පෝස්ට් එකක් මේක මගේ පරණ බ්ලොග් එකේ දාපු. මම මේ පෝස්ට් එක මගේ පරණ බ්ලොග් එකේ දාලා තියෙන්නේ 

Monday, June 20, 2016 කියන දවසේ. මට ඒ දවස් වල නිකමට හිතුනා මේ කියන Ransomware නම් පට්ටම ඇණයක් වෙයි කියලා. ඔන්න ඒක දැන් වෙලා යාළුවනේ.මේ තියෙන්නේ මම එදා දාපු සම්පුර්ණ පෝස්ට් එක. බලන්න. අදට ගැලපෙන විදියට වෙනස් කරගන්න. ඒක ඔයාලට බාරයි.Ransomware ගැන ලස්සනට කියවෙන ඉමේජ් එකකුත් සෙට් උනා. ඔන්න ඒකත් දැම්මා. 






අර වෛරස්, මේ වෛරස් කියලා එක එක ජාතියේ පරිගණක වෛරස් අපිට මේ වෙද්දී හම්බු වෙලා තියෙනවානේ නේද? හැබැයි එ් එකම වෛරස් එකක්වත් අපිට ආදරේට අපේ පරිගණකයට ආව එව්වනම් නෙමේ.පැහැදිලිවම අපිට ඇණයක් වෙන්න, පරිගණකය ෆෝමැට් කරන තත්වයට ගෙන එන තරමටම ඇණයක් වෙන්න පෙළක් වෛරස් දක්ෂතාවක් දක්වන බවත් ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇතිනේද? වෛරස් ගාඩ් දාලා, රේස්කියු ඩිස්ක් හදලා , බැකප් ගහලා පට්ට ගේම්ස් දීලා වෛරස් වලට ගේම දෙන්න අපි හූගාක් ට්‍රයි කරලත් ඇති. හැබැයි මම මේ අද කියන්න යන වෛරස් එක ගැනනම් එ විදියට සෙලලම් ආලා ගොඩ දාගන්න පුළුවන් එකක් නෙමේ.

Ransomware කියන වෛරස් එකට තියෙන්නේ අමුතුම මුහුණුවරක්. හිතන්න කෙනෙක් ඔයාලාගේ ගෙදරට ඇවිත් වටිනා කියන බඩු සියල්ලම ගේ ඇතුලේ තියෙද්දී ගෙයි යතුරු දාලා ලොක් කරලා යතුර අපසු දෙන්න සල්ලි වලින් කප්පමක් ඉල්ලනවා කියලා. එතකොට ඔයාලට මොකද්ද හිතෙන්නේ? අම්බානෙක ඇඩෙනවා නේ. සිංහලෙන් කියනවානම් Ransomware කියන වෛරස් එකේ සිංහලෙන් කථාව ඔන්න ඕකයි. මෙයා (වෛරස් එක) අපේ මැෂින් එක ඇතුලට ඊමේල් එකක් හෝ පෙන් ඩ්‍රයිව් එකක් හෝ * ඇප් එකක් සමඟ * අපේ මැෂින් එකට පැමිණිමේ බෙහෙවින් ඉහළ ඉඩ කඩක් තියෙනවා.

මෙතැනදී සිදුවන්නේ අපි බෙහෙවින් පාවිච්චි කරන පොදු හා හොදින් හඳුනන ප්‍රසිද්ධ ඇප්ලිකේෂන් වලට හැකර්ලා විසින් තමන්ගේ වෛරස් ප්‍රෝගැම්ස් එකතු කරනු ලබනවා.එවිට අපි ඉහතින් සඳහන් කල මෘදුකාංගය ඉන්ස්ටෝල් කරද්දී නොදැනුවත්වම වෛරස් මෘදුකාංගය ක්‍රියාත්මක වී හැකර් විසින් ලබා දී ඇති උපදෙස් මත ක්‍රියාකාරී වීමට පටන් ගනි. බෝහෝ විට මෙවන් වෛස් ඇප් වලට අපේ පරිගණකයේ විස්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර ඇති කොටස ක්ෂේම භූමියක්. මුලින්ම ඔවුන් ආක්‍රමණය කරන්නේ සිස්ටම් ෆයිල්ස්.*

රැන්සම්වෙයා වලින් ආක්‍රමණය කළ අපේ මැෂින් එකේ ඇති ලිපිගොණු, ෆයිල්ස් වැනි දෑ එන්ක්‍රිප්ට් (encrypt) කිරීමක් සිදු කරනු ලබනවා. එ කියන්නේ අපි භාවිතා කරන අපේ පෞද්ගලික ගොණු හැකර් විසින් තමන්ගේ භාරයට ගනු ලබනවා.එවිට අපට එම ගොණු විවර කිරීමට, වෙනස් කිරීමට, ඩිලිට් කිරීමට කිසිම අවසරයක් නෑ. අපි හරියට අනුන්ගේ පරිගණකය අඳේට වැඩ කරනවා වගේ තමයි දැනෙන්නේ.

මෙම රැන්සම්වෙයා කෙතරම් වේගයෙන් ලොව පුරා පැතිරෙමින් තිබෙන්නේද කියා පෙන්වන වාර්තාවක් පසුගියදා ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඉන් කියවුණේ, ඔවුන් 2015 දී සමීක්ෂණයට ලක් කළ වෙළද ව්‍යාපාර අතරින් 71%ක් පමණ රැන්සම්වෙයා ප්‍රහාරවලට ලක්ව ඇති බවයි. වසර 2013දී මෙම ප්‍රතිශතය 13%ක් වීමෙන්ම එහි පැතිරීමේ වේගය පෙනේ.

#මෙම රැන්සම් වෙයා ක්‍රියාත්මකවීමේදී මූලික වශයෙන්ම අවවාදාත්මක දැනුම්දීම් සිදකරයි. විටෙක පරිගණකයේ හොර ලයිසන් සහිත ඇප්ලිකේෂන් ඇතැයි කියයි. තවත් විටෙක පරිඝනකයේ අසැබි විඩියෝ ,ෆෝටෝ ඇතැයි කියමින් අවවාදාත්මක නිවේදන නිකුත් කරමින් පරිගණකය අකර්මණ්‍ය කිරීමෙන් වැලැක්වීමට අසවල් ගණනක මුදලක් ගෙවිය යුතුයැයි යෝජනා කෙරේ.

#තවත් විටෙකදී පරිගණකය මන්දගාමි කිරීම හෝ ක්‍රියාවිරහිත තත්වයට පත් කිරීම සිදුවේ. මෙහිදි පරිගණකය යථා තත්වයට ගෙන ඒමට නම් අදාල කප්පම් මුදල ලබා දිය යුතුයැයි හැකර් විසින් යෝජනා කෙරේ.

$ නොඑසේනම් පරිගණකයේ වින්ඩෝස් ස්ථාපිත කර ඇති ඒකකයට පහර දී එක කොටස අක්‍රිය කොට සම්පුර්ණ පරිගණකයම සියතට ගැනීමට හැකර් පෙළඹේත මෙවිට තමන්ගේ පෞද්ගලික දත්ත , පින්තුර, වීඩියෝ යනාදිය ප්‍රසිද්දියට පත්වීමේ අනතුරුදායක තත්වයෙන් බේරීම සඳහා පරිගනකයේ හිමිකරු විසින් අදාළ කප්පම් මුදල ගෙවීමට පෙළඹෙන්නේ නිතැතින්මය.

බලන්න එදා දාපු පෝස්ට් එක අදට කොච්චර ගැලපෙනවද කියලා.රැවුල ඉදුනේ නිකමටද නේද? හහ් හහ්. එහෙනම් අදට ගිහින් එන්නම්. මොනවා උනත් හැකර්ලා ආයේ එනවා. ඇස් ඇරගෙන ඉන්න. අපි 3වෙනි ලෝකේ සිඟන ආදයම් ලබන්නෝ නිසා තර්ජන අඩුයි. ඒත් නැත්තෙම නෑ. අවදියෙන් ඉන්න. ආරක්සාව තරකරගන්න. එච්චරයි

Saturday, May 27, 2017

HTML පාඩම් මාලාව දිගටම

සමාවෙන්න යාළුවනේ අළුතින් පෝස්ට් එකක් එහෙම නොද කාලයක් ගත උනාට. අද මම කියන්න හදන්නේ ඔයාලට මම සම්පුර්ණ පාඩම් මාලාවක් උගන්නන්න ලැස්ති වෙනවා HTML සම්බන්ධව. හැබැයි ඒක මෙ විදියට main page එකේ නෙමෙයි තියෙන්නේ. ඔය උඩින් තියෙන මෙනු බාර් එකේ තියෙන" HTML මුුල සිට සරලව" කියන ටැබ් එකේ තමයි ඒක තියෙන්නේ. ඊගෙන ගන්න පාඩුවක් වෙන්නේ නෑ ලොවෙත්. ඒ වගේම ඉස්සරහට CSS / JavaScript වගේ සුන්දර දේවල් ගැනත් ඉස්සරහට කථා කරමු මේ බ්ලොග් එකෙන්ම. මම වීඩියෝ ටියුටෝරියල් ටිකක් දාන්නම්.මොකද ලියන්න ගියාම සීමාවක් නැති නිසා සහ වීඩියෝ වලින් ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් නිසා. මේ සම්බන්ධව ඔයාලගේ අදහස් උදහස් ලියලා කමෙන්ට් කලොත් පට්ටම වටිනවා යාළුවනේ.


එහෙනම් ගිහින් එන්නම්.

 
Angry Birds -  Help